Sakwala Adariye | Kesh [Official Audio]

Published 2024-04-13
තරු පිරි අහසින් එහා ඔබේ
නීල දෑස් දුටිමි
සැරිසරනා මන්දාකිනි අතරේ
ඒ සක්වල තරු අතරින් දිලිසෙන
ඔබේ නීල දෑස දුටිමි

සක්වල ආදරියේ මාගේ
සක්වල ආදරියේ

මා සෙව්වේ මේ විශ්වයෙන් මිදී
ග්‍රහලෝක අතරේ කිමිදී යමින්
ඔබේ රූප කාය සොයමින්
ඔබේ අතිනත මා ගන්නයි

ඔබ‍ට ඇහෙනවාද
මා ගයනා ගීතය
නුහුරු වේද මගේ බස් ඔබ හට තව
මගේ සක්වල පෙම්වතියේ

මනු දෙව්ලියකට නොකෙරූ මගේ ප්‍රේමය
ඔබ වෙත මා පුදනෙමි ඒ නුබ මාගේ
සසරේ පතිනිය වූ නිසාදෝ

මේ නිහඬ අහස දෙස බලමින්
ඔබ ගැන සිහින මවන්නම්
මේ රෑ අවසන් වෙන්නට මත්තෙන්
මා නිදි දෙව්දුව වෙත පිය මැන යන්නම්
මගේ සක්වල පෙම්වතියේ

Copyright:Keshstudio.lk

All Comments (2)